ඉදිරි වසර පහේ සීඝ්‍ර ආර්ථිකය නවීකරණයකට කටයුතු කළා! -අගමැති

August 31, 2019 at 1:08 pm | by emanisa.lk

රට තුළ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ඉදිරි පස් වසර තුළ ආර්ථිකය නවීකරණයකට ලක්කිරීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව නුපුහුණු ශ‍්‍රමිකයන් නොමැති රටක් බවට පත් කිරීම සිය අපේක්‍ෂාව වන බව අගමැතිවරයා සඳහන් කළේය.

කුලියාපිටිය, නාරංගල්ල ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ ප‍්‍රථම තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස