රනිල් අද කරන වැඩ නිසා තව වසර 10කින් රට ආර්ථික උගුලක හිරවෙනවා!

March 14, 2019 at 5:26 pm | by admin

තමන් රචනා කළ ‘ආර්ථික අපගමනය’ නම් කෘතිය කියැවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

“කෑමට පසු නින්දට පෙර පොත කියවා අදහස් ප්‍රකාශ කරන්න” යැයි ඔහු සඳහන් කළේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

එසේම 2015 වසරෙන් පසුව ජාතික විධායක සභාව විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වැරදි තොරතුරු ලබාදි ඇති බවත් වත්මන් ආණ්ඩුව ලබාගන්නා අධික පොලි ණය නිසා 2029 දී හා 2030 දී ශ්‍රී ලංකාවට විශාල ණය බරක් දැරීමට සිදුවන බවත් ණය උගුලකට රට හසුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අගමැතිවරයා මෑතක ප්‍රකාශ කළේ 2030 වන විට රටේ සියලු ණය ගෙවා අවසන් කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස