ආණ්ඩුවෙන් ජනතාවට නව වසරේ ලොකු තෑග්ගක්! බදු දෙකක් අහෝසි කර තවත් බදු දෙකක් අයකරන සීමාව ඉහළ දමයි!

December 31, 2019 at 9:35 pm | by emanisa.lk

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද හෙට (1) සිට අහෝසි වෙයි.

මසකට රු. ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූ අයට ද මෙතෙක් උපයන විට බදු ගෙවීමට සිදු වූ අතර එම සීමාව රු. 250,00කට දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව තීරණය කර තිබේ

ජනතාවගේ බැංකු ඉතුරුම් ගිණුම්විල් පසුගිය රජය අය කළ 5% ක රඳවාගැනීමේ බද්ද ද අහෝසි කර තිබේ.

එසේම එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාරවලින් අය කිරිම් සීමාව අද සිට කාර්තුවක් සඳහා රු. මිලියන 75 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව මිලියන 75ට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් ඇති ව්‍යාපාර එම බදුවලින් නිදහස් නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස