අකුරට වැඩ කළ රේගු අධ්‍යක්ෂ ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්! ඇමති මංගලත් ඒ පිටුපස!

January 17, 2019 at 2:22 am | by admin

මෑත ඉතිහාසයේ ඉතාම ඍජුව සහ අවංකව සිය ධුරයේ කටයුතු කළ රේගු අධ්‍යක්ෂ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අනාවරණය වෙයි.

රේගු ආඥා පනත අනුව නීතියට වැඩ කරන රේගු අධ්‍යක්ෂවරිය බරපතළ රේගු බදු දූෂණ චෝදනා යටතේ රේගු අධිකාරීවරුන් හත් දෙනෙක් අනිවාර්ය නිවාඩු යැවීම, රුපියල් බිලියන 16ක රේගු වංචාවක් පිළිබඳ යට ගසා තිබූ පර්යේෂණ නැවත ආරම්භ කිරීම, මෝටර් රථ ආනයන සමාගමක් සිදු කරමින් පැවති බරපතළ බදු වංචාවකට බාධා කිරීම මේ සඳහා හේතු වී තිබේ.

2017 වසරේ චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ධුරයට පත් කළ ඇමති මංගල සමරවීරගේ ලේකම්වරයා ද රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටියි. එහෙයින් මෙය කිසිසේත් ඇමති මංගල සමරවීරගේ අනුදැනුමින් තොරව සිදු වන්නක් යැයි සිතිය නොහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස