අපි ගත් ණයත් ගෙවන බව කී ආණ්ඩුව රටේ ණය 62%කින් වැඩි කරලා! – විපක්ෂ නායක මහින්ද

April 9, 2019 at 9:37 pm | by admin

2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ රජයේ සමස්ත ණය බර 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

2019 අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.

මේ වසරේදී ආණ්ඩුව රුපියල් බිලියන 2,077ක බදු ආදායමක් මහ ජනතාවගෙන් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එය 2014දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයක් බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *