අපට අහිමි කළ හම්බන්තොට වරාය නැවතත් රටට හිමිවන ලකුණු! 99 අවුරුදු බදු ගිවිසුම සමාලෝචනයට චීනය එකඟ වෙයි!

December 3, 2019 at 9:57 am | by emanisa.lk

මහජන චීන රජයේ දකුණු ආසියාව භාර ලේකම් සහ කොළඹ හිටපු චීන තානාපති වූ ජියැංග්හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ..

එහිදී ඔවුන් දෙපර්ශවයේම තම ඓතිහාසික මිත්‍රත්වය රැකෙන පරිදි හම්බන්තොට වරායට අදාළ 99 අවුරුදු බදු ගිවිසුම වෙනස් කිරීම සදහා නැවත සමාලෝචනය කිරීමට එකඟ වී ඇත.

එසේම ශ්‍රී ලංකාව සමග සිය ආර්ථික කටයුතු තවත් ශක්තිමත් කර ගැනීමට චීනය එහිදී කැමැත්ත පළ කර තිබේ.

එසේම නුදුරු අනාගතයේම චීනයේ නිල සංචාරයකට පැමිණෙන ලෙස චීන ජනාධිපතිවරයා කළ ඇරයුමද මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස