ආණ්ඩුව දැවැන්ත පොළියකට දැවැන්ත ණයක් ගන්න සූදානම්! ජනතාව තව බදු ගෙවන්න සූදානම් වන්න!

March 11, 2019 at 11:44 am | by admin

ලොව කිසිදු රටක් නොකළ ආකාරයට 7.85%ක ගිනි පොළියට රු. කෝටි 45 000ක ණයක් ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව දූෂණ විරෝධි හඬ පවසයි.

මේ නිසා දූෂිත බැඳුම්කර ගනුදෙනුවට සිව් වසරක් පිරෙන අවස්ථාවේ තවත් එවැනිම දැවැන්ත මූල්‍ය හානියක් රටට සිදුවන බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

ග්‍රීසිය 3.84%ක්, මැලේසියාව 3.87ක්, වියට්නාමය 4.78ක්, බොස්වානා 5.27%ක් ලෙස ණය ගත්ත ද 7.85%ක් වැනි පොලියකට කිසිවකු ණය ගෙන නැතැයි ඔහු පෙන්වා දෙයි.

මෙවැනි දැවැන්ත පොලියකට ණය ගැනීම නිසා එම ණය සහ වාරික ගෙවීම බදු බර ලෙස පැටවෙන්නේ ජනතාව මතය. රාජපක්ෂ ආණ්ඩුව සිය වසර නවය තුළ රු. බිලියන 5200ක ණය ගෙන ඇති අතර මේ වන විට වර්තමාන ආණ්ඩුය රු.බි. 6600ක ණය ගෙන තිබේ. 2014 ජනතාවගෙන් අය කළ බදු මෙන් දෙගුණක් මේ වන විට අය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *