අතුරුදන් වූ සැමට මාසිකව රු. 6000ක් දෙනවා! ආණ්ඩුව කොටින්ට වන්දි දෙන්න සූදානම් බව යාපනේ දී කියයි…

September 9, 2019 at 6:34 pm | by emanisa.lk

උතුරේ අතුරුදන් වූ සියලු දෙනා වෙනුවෙන් මාසිකව රු. 6000ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරන බව ඇමති මංගල සමරවීර පවසයි.

ඔහු මෙම අදහස් දැක්වූයේ යාපනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට එකතු වෙමිනි.

එම දීමනාව 88-89 සමයේ දකුණේ අතුරුදන් වූ අයට ද ගෙවන බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුවද ඒ සඳහා දකුණේ කිසිදු සංගණනයක් සිදුකර නොමැති අතර මෙය හුදෙක් කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සඳහා ජාත්‍යන්තර ඉල්ලීම් අනුව සිදුකරන කටයුත්තක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසය.

මේ අනුව ඉතා නුදුරේදීම මේ රටේ ජනතාවට රට දෙකඩ කිරීමට කටයුතු කළ ප්‍රභාකරන් ඇතුළු සියලු ත්‍රස්තවාදීන් වෙනුවෙන් සිය බදු මුදලින් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස