අපි රටේ ආදායම ජනතාවට බදු ගහලා 16% දක්වා වැඩි කළා! අපි එහෙමයි රට දියුණු කරන්නේ! – අගමැති

March 18, 2019 at 11:29 am | by admin

රාජපක්ෂ පාලන සමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් වූ රාජ්‍ය ආදායම 15-16% දක්වා වැඩි කිරීමට තමන් සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. වැට් ඇතුළු බදු වැඩි කිරීමට සිදු වූ බවත් වෙන කළ හැකි දෙයක් නොමැති බවත් හෙතෙම පවසයි. කෙසේ හෝ ණය ගෙවා ඉන් බේරෙනවා ද නැත්නම් බංකොලොත් බව ප්‍රකාශ කර තමන්ගේ දරුවන්ගේ අනාගතයත් නැති කරනවා දැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.

1950 දසකයට පසු රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති බව ද අපනයන වටිනාකම ඩොලර් මිලියන 19 000 දක්වා ඉහළ ගොස් ඇති බව ද දින 52 සිද්ධිය නොවුණා නම් සංචාරකයෝ තවත් ඉහළ යන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වුවද එම ආණ්ඩුව සමයේ වසර 9ක් තුළ ත්‍රස්තවාදය නිමා කර සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා ගත් ණය ප්‍රමාණය රු. බිලියන 5200ක් වන අතර යහපාලන ආණ්ඩුව වසර පහක් ලබා ගන්නා ණය ප්‍රමාණය රු.බිලියන 6600කි. 2014 රජය බදු වශයෙන් අය කළේ රුපියල් ට්‍රිලියනයකි. 2018 අයවැයෙන් එය රුපියල් ට්‍රිලියන 2 දක්වා රජය වැඩිකර තිබේ. එය 100% වැඩි වීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස