අපේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ මහා මංකොල්ලයක් එළිකරලා දැඩි තීන්දුවක් ගන්නවා! – චමින්ද විජේසිරි

June 17, 2019 at 8:12 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද අදාළ ඇමතිවරයා 18 වෙනි දින පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

ඔහු තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස