අපි අහිංසක දරුවන්ගේ මුදල් කොල්ලකනවා නෙමේ, බදු ගෙවන්න පුරුදු කරනවා! – මුදල් ඇමති

March 13, 2019 at 6:43 pm | by admin

අහිංසක දරුවන්ගේ මුදල් කොල්ල කෑමට තමන්ට උවමනා නැති බව පවසන මුදල් අමැති මංගල සමරවීර ළමා ඉතිරි කිරීමේ ගිණුුමක රු. ලක්ෂ 5ක් හෝ ඊට වඩා ඇත්නම් පුංචි සන්දියේ සිට ආදායම් බදු ගෙවීමට පුරුදු වීම හොඳ බව පෙන්වා දෙයි. එය දරුවා ලොකු මහත් වූ විට හොඳ බලපෑමක් කරනු ඇතැයි ද ඇමතිවරයා පවසයි.

මෙවර අයවැයෙන් රු. ලක්ෂ 5කට වඩා ඇති ළමා ඉතුරු කිරීම් ගිණුම් සඳහා ආදායම් බදු පනවා තිබේ. ඒ අනුව ඉතිරි කිරීමේ ගිණුමක ලක්ෂ පහකට වඩා ඇති දරුවකු ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ආර්ථික හැකියාවක් ඇති අයකු ලෙස රජය විසින් සලකා තිබේ. කෙසේ වුවද මෙවැනි ගිණුම්වල ඇත්තේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා දෙමාපියන් සිය දරුවන් කුඩා කල පටන් විටින් විට තැන්පත් කළ මුදල්ය.

ළමා ඉතිරිකිරීම් සඳහා බදු පනවන ආණ්ඩුව එම අයවැයෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා රු. බිලියන 500ක් වෙන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස