අපේ සේවකයන් ලංකාවේ නීතියට අවනත විය යුතුයි! – ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික මෙහෙයුම හමුවේ ස්විස් බලධාරීන් දණ ගසයි….

January 1, 2020 at 10:07 am | by emanisa.lk

සිය තානාපති කාර්යාලයේ සේවය කරන ඕනෑම ලාංකීය සේවකයෙක් මේ රටේ නීතියට අවනත විය යුතු බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය අතර පැවති සබදතාවලට යම් බාධාවක් පසුගිය කාල සීමාවේ එල්ල වූ බවය.

එහෙත් කිසිදු විටක ශ්‍රී ලංකාවේ කීර්තිය හෑල්ලු කරවීම තම රටේ අභිප්‍රාය නොවූ බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය සමග සබදතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම තම අරමුණ බවත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස