මෝදි ගෝඨාට කතා කළේ කොරෝනා මර්දනයට සුබ පතන්න නෙමෙයි! ඔහු කතා කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගන්න! හම්බන්තොට වරාය චීනෙට දුන්නෙත් එජාපය නෙමෙයි ගෝඨාභය! – ජවිපෙ

May 24, 2020 at 6:52 am | by emanisa.lk

ජවිපෙ හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක තැබූ ෆේස්බුක් සටහනක් මෙසේය.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අද දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කතා කරලා ජනාධිපතිවරයාගේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළ අගය කරා කියලා මාධ්‍ය (ITN) වාර්තා කරළ තිබෙනවා.

සාමාන්‍යයෙන් ඇමරිකාව, රුසියාව, ඉන්දියාව වගේ බලවත් විශාල රාජ්‍යවල නායකයෝ තවත් රටක නායකයෙක් ට කතා කරන්නේ පැහැදිලිවම තමන්ගෙ රටේ විදේශ අමාත්‍යාංශයෙ උපදෙස් මත. මා දන්නා තරමින් මෙවැනි සාකච්ඡා සියල්ලම පටිගත වෙනවා.

ඒවා සියල්ල නිල රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ලෙස වාර්තා කෙරෙනවා. එහෙම නැතුව අල්ලපු රටේ යාලුවෙක්ට කතා කරනවා වගේ සරල එකක් නෙමෙයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි සම්මතයන් ඔහුගේ පත්වීමේ මුල් කාලයේ නොසලකා හැරීම නිසා ඔහුට ඒ කෙරිච්ච සියලුම සාකච්ඡා නැවත රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ට මතක් කරමින් කියන්න සිද්ධ වුණා.

ඒ නිසා විශේෂයෙන්ම ලංකාවෙ තියෙන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ අනුදැනුම මත නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ජනාධිපතිට කොරෝන ගැන කතා කරද්දි කොරෝන වලට කිසිම සම්බන්ධයක් නැති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මතක් කරන්නේ ඒ නිසයි.
පැවැති රනිල් මෛත්‍රි ආණ්ඩුව කාලේ සාගල රත්නායක වරාය ඇමැතිවරයා (කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 95% කට වඩා හදලා තියෙද්දි, වරායෙ සියලුම සේවක සංගම් එම ජැටිය විකුණන්න එපා ආන්ඩුවේ අයිතියට තියාගන්න අපි මේකෙන් ලාභ අරං පෙන්නන්නං කියලා කියද්දී) ඒකෙ කලමනාකාරනය බදු දෙන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තනිකරම ඉන්දියානු මැදිහත් වීමක් උනත් ජපාන සමාගමකුත් එයට සම්බන්ධ කරගෙන තිබෙනවා.
මොකද කොළඹ වරායේ දකුණු ජැටිය මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ චීනෙට දුන්නු නිසා , කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ඒ වෙලාවේ හිටපු යූඑන්පී ආණ්ඩුව තීන්දු කළා.නමුත් ඊට පස්සේ සිද්ධ වෙච්ච දේශපාලන ගැටලු එක්කත්, සේවක විරෝධය නිසාත් , අත්සන් කරපු අවබෝධතා ගිවිසුම අවලංගු උනේ නැතත් පුද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න හොඳින්ම බැරි වුණා.
දැන් කොරෝන නිසා ලංකාවේ ආර්ථිකය නට්ටම් වෙලා තියෙන වෙලාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ගන්න තියෙන හොඳම වෙලාව මේක කියල හිතෙනවා.
කොළඹ වරායේ මොන ජැටිය වික්කත් ඒක අපේ රටේ අනාගතය උගස් කිරීමක්.
එම්සීසී ගිවිසුම අහෝසි අහෝසි කරනවා ඇවිල්ලා තවමත් එක අහෝසි නොකරපු ගෝඨාභය රාජපක්ෂ පාලනය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම් අත්සන් කරෙ යූඑන්පිය ය කියන කතාව කියමින් මේක විකුණලා අවසන් කරන්නට ඉඩ තිබෙනවා.
මොකද යූඑන්පිය විකුනපු හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා ආපු රාජපක්ෂලා ඒක නැවත චීනෙට ම අවුරුදු 99 කට දෙන්න පස්සේ කටයුතු කරපු නිසා.

ඒ නිසා කොරෝනා වලින් රට බේරා ගන්නවා වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරගන්නත් ජනතාවට කටයුතු කරන්න වෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස