අයිතිකරු නිරෝධායනයට ගිය අතරේ ගරාජය හොරු බිඳලා! ජවිපෙ මන්ත්‍රී ඇතුළු පිරිසක් බඩුත් එක්ක අත්අඩංගුවට!

May 21, 2020 at 11:40 pm | by emanisa.lk

නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කර සිටි ව්‍යාපාරිකයකුගේ ගරාජයක් බිඳ එහි භාණ්ඩ සොරාගැනීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්  සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගරාජයක් බිඳ මෙසේ බඩු සුරාගෙන ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර නිකවරටිය ප‍්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද සිටින බව නිකවැරටිය පොලිසිය සඳහන් කරයි.

නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිත නාවික සෙබළකු සමීපව ඇසුරු කළේ යැයි අදාළ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ පසු මෙම සොරකම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව