ජවිපෙ ටිල්වින්ගේ බොරු අතේ පත්තුවෙයි! කොරෝනා සටනේ ලංකාව සමාජවාදී කියුබාවට වඩා ඉදිරියෙන්! – සංඛ්‍යාලේඛන මෙන්න….

April 8, 2020 at 1:46 pm | by emanisa.lk

කියුබාවේ ඊයේ (07) වන වන විට කොරෝනා ආසාදිතයන් 396 දෙනෙකු වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අතරින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර සුවය ලබා ඇති පිරිස 27 දෙනෙකි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ (07) වන විට කොරෝනා රෝගීන් 186 දෙනෙකු වාර්තා වී ඇති අතර මිය ගිය පිරිස 6 දෙනෙකි. සුවපත් වූ පිරිස 42කි.

කියුබාවේ මාර්තු 11 වෙනිදා පළමු රෝගීන් තිදෙනා වාර්තා වූ අතර අප්‍රේල් 07 වෙනිදා වන විට එනම් දින 27ක් ඇතුළත රෝගීන් පිරිස 396 දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකාවේ පළමු රෝගියා පෙබරවාරි 15 වෙනිදා පළමු රෝගිය වාර්තා වූ අප්‍රේල් 07 වෙනිදා වන විට එනම් දින 52කට පසු වාර්තා වන රෝගීන් ප්‍රමාණය 186කි.

මේ අනුව කියුබාවේ සහ ලංකාවේ වර්තමාන තත්ත්වය සැසඳීමේ දී ශ්‍රී ලංකාව කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බව කිව හැකිය.

කෙසේ වුවද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉල්මහේ විරු සමරුවේදී ප්‍රකාශ කළේ සමාජවාදී රටවල් කොරෝනා සටන ජය ගනිමින් සිටින අතර කියුබාව සුරක්ෂිත බවය. ලංකාවේ පාලකයන් නිසි අවස්ථාවේ ගුවන්තොටුපළ සහ වරාය ආරක්ෂා නොකළ නිසා කොරෝනා ව්‍යාප්ත වූ බවත් හෙතෙම අවධාරණය කරයි.

 

 

 

 

 

 

 

 

 

අදාළ ජාත්‍යන්තර වාර්තා වෙත මෙම සබැඳි ඔස්සේ යන්න….

https://www.worldometers.info/coronavirus/country/cuba/

https://www.worldometers.info/coronavirus/country/sri-lanka/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස