කොරෝනා මර්දනය කරන්න පුළුවන් සමාජවාදයට විතරයි! සමාජවාදී කියුබාව හොඳම ආදර්ශයක්!- ටිල්වින්

April 8, 2020 at 7:30 am | by emanisa.lk

කොරෝනා වසංගතය යම් තරමකට හෝ පාලනය කරගත හැකි වූයේ සමාජවාදී රටවලට පමණක් බවත් පහුගිය සමයේ සමාජවාදය පිළිබඳ කතා නොකළ අය ද දැන් සමාජවාදය පිළිබඳ කතා කිරීමට පටන් ගෙන ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඉල්මහේ විරු සමරුවෙහි දේශනයක් පවත්වමින් ඔහු සඳහන් කළේ 1971 සමාජවාදය පිළිබඳ හඬ නඟමින් ඒ වෙනුවෙන් තමන්ට කළ නොහැකි කැප කිරීමක් නැතැයි පෙන්වා දෙමින් ජීවිත පූජාකළ විරුවන්ට සිය ප්‍රණාමය පුදන බවය.

චීනය කොරෝනා මර්දනය කිරීමේ රහස අන් කිසිවක් නොව සමාජවාදය බවත් රුසියාව තව දුරටත් කොරෝනා උවදුරින් ආරක්ෂා වන්නේ පැවති සමාජවාදී රටක් නිසා බවත් අවධාරණය කළ ටිල්වින් සිල්වා කොරෝනා උවදුරින් කියුබාව රැකුණේ ද සමාජවාදය නිසා බව සඳහන් කළේය.

චීනයේ වුහාන් නගරයට පසු සැතපුම් දහස් ගණනක් ඈත රටවල් කොරෝනා වසංගතයට ගොදුරු වන අවස්ථවෛි චීනයේ සෙසු ප්‍රාන්ත ඉන් ආරක්ෂා වූයේ සමාජවාදය සහ චීන කොමියුනිසිට් පකෂයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නිසා බව ද අවධාරණය කළේය.

ලංකාවට කොරෝනා බෝ වූයේ තමන් මුල සිටම සඳහන් කළ ආකාරයට වරාය සහ ගුවන්තොටුපළ ආරක්ෂා කර ගැනීමට පාලකයන් අසමත් වූ නිසා බවට ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස