ඝර්ම කලාපීය සිංගප්පූරුවේ කොරෝනා දැඩිවෙයි! අද දිනයේ රෝගීන් 1037ක්!

April 23, 2020 at 7:33 pm | by emanisa.lk

අද දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් 1,037 දෙනකු වාර්තා වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,178ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව ආසාදිතයන්ගෙන් වැඩිදෙනා සංක්‍රමණික සේවකයන් යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සංක්‍රමණිකයන් රැඳී සිටින ප්‍රදේශ ද නිරෝධායනය කළ යුතු යැයි සිංගප්පූරු ආණ්ඩුවේ නියෝග කර ඇත.

කෙසේ වුවද ජවිපෙ බිමල් රත්නායක පසුගියදා ප්‍රකාශ ⁣කළේ සිංගප්පූරු ඉන්දියාව පකිස්ථානය වැනි රටවල මෙන්ම ලංකාවේ කොරෝනා රෝගීන් අඩු ප්‍රතිකාර කටයුතුවල හොඳකම නිසා නොව ඝර්ම කලාපීය රටවල් නිසා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස