මන්ත්‍රීවරු 225ටම කතා කරන්න පැය 11ක් යනවා! මේක මාධ්‍ය සංදර්ශනයක්! – අනුර

May 3, 2020 at 2:00 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයට හිටපු පාර්ලිමේන්තතු මන්ත්‍රීවරු 225ම කැඳවා සාකච්ඡාවක් කරන විට එක් අයකු විනාඩි 03ක් කතා කළහොත් විනාඩි 03ක් හෙවත් පැය 11ක් ගතවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එහෙයින් මෙහිදී විධිමත් සාකච්ඡාවක් සිදුවනු ඇතැයි විශ්වාස නැති බවත් මෙය මාධ්‍ය සංදර්ශන කරන වෙලාවක් නොවන බවත් හෙතෙම පවසයි.

පක්ෂ නායකයන් කැඳවා කොරෝනා වසංගතයට සහ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා පිළියම් සාකච්ඡා කිරීමට සූදානම් නම් තමන් ඊට පැමිණෙන බව ද හෙතෙම පැවසීය.

මැතිවරණ කොමිසම වෙත පැමිණ සාකච්ඡාවකට සහභාගී වී නැවත යන විට මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස