ආණ්ඩුවේ මැතිවරණ පවත්වන උත්සාහය පරාජය කළ යුතුයි! – අනුර

April 12, 2020 at 11:11 am | by emanisa.lk

මහින්ද, රනිල් ආණ්ඩුවල හොරකම්වලට එරෙහි වූ එම හොරකම් එළිදරව් කළ තමන් කොරෝනා අරමුදල් පිළිබඳව ද විමසිල්ලෙන් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

මේ රටේ සුනාමි අරමුදල් හොරකම් කළ බවට මතයක් ඇති බවත් එවැනි හොරකම්වලට එරෙහි වීම ජවිපෙ පමණක් නොව සියලු ජනතාවගේ වගකීමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ රටේ දිස්ත්‍රික් මට්ටමින් හෝ මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් අද නොමැති බවත් ආණ්ඩුවේ එවැනි බලලෝභී උත්සාහයන් පරාජය කිරීමට රටම පෙළ ගැසිය යුතු බවත් ජවිපෙ නායකයා අවධාරණය කළේය.

අද (12) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස