ඇමරිකාවට රනිල් අවනත කරගන්න බැරිවුණා! පාස්කු ප්‍රහාරය එල්ල කරලා ගෝඨා දිනෙව්වේ ඒකයි! – ජවිපෙ

February 3, 2020 at 11:50 pm | by emanisa.lk

ඇමරිකාව විසින් පාස්කු ප්‍රහාරය එල්ල කළ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්ඩුව පරාජය කිරීමට බවට ජවිපෙ නායක අනුර දිසානායක චෝදනා කරයි.

එයට හේතුව ඇමරිකානු සැලසුම් සහ ගිවිසුම් රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ ක්‍රියාත්මක කරගත නොහැකි වීම බව ද ඔහු පෙන්වා දෙයි.

දකුණේ විරෝධයකින් තොරව සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තෝරාගත්තේ ගෝඨාභය පාලනය බව ද අනුර දිසානායක හෙළි කරයි.

එහි මූලාම්භය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය බවත් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ ඉන් පසුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රටේ ඇති වූ අනාරක්ෂිතතාව මැද එක් අපේක්ෂකයකු පැමිණ තමන් ජාතික ආරක්ෂාව භාරගන්නා බවට ප්‍රතිඥා දුන් බවත් ඒ සමගම රනිල් පරාජයට පත්වූ බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට ගෝඨාභය කොළඹින් අක්ක්ර තුනක් විකුණා දමා ඇති බවත් තවත් අක්කර හයක් විකිණීම සඳහා සැලසුම් කරන බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහට හම්බන්තොට වරාය හැර කිසිවක් විකුණාගත නොහැකි වූ බවත් අනුර දිසානායක වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස