හූල් පැවසුවේ පොහොට්ටුවට ජන්දය දෙන්න එපා කියලා තමයි! උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන්

June 7, 2020 at 11:09 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් නොකියා පැවසුවේ පොදුජන පෙරමුණට ජන්දය ලබා නොදිය යුතු බව යැයි හිටපු උතුරු පලාත් ආණ්ඩුකර සුරේන් රාඝවන් පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබිණ.

ඔහුගේ එම ප්‍රකාශයේ තර්කය වූයේ පොදුජන පෙරමුණට සහය දක්වන මාධ්‍ය ව්‍යාජ පුවත් පල කරන බැවින් පොදුජන පෙරමුණට ජන්දය නොදිය යුතුයි යන්න බව සුරේන් රාඝවන් සඳහන් කර තිබිණි.

හූල්ගේ කාර්යභාර වනුයේ ජන්දය අපක්ෂපාතිව මැතිවරණ පැවත්වීම විනා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශන පැවැත්වීම හෝ ජන්දදායකයන්ගේ මතයට බලපෑම් කිරීම නොවන බවත් හිටපු ආණ්ඩුකාරයා සඳහන් කර තිබිණි.

ඔහුගේ සම්පූර්ණ සටහන පහතින්….

“මම සිංහල නොදනිමි. එබැවින් සිංහල භාෂාවෙන් ලියා ඇති සියලුම කුණු කියවීමට මට නොහැකිය. SLPPට සහාය දක්වන සමහර මුද්‍රිත / මාධ්‍ය මෙහි ප්‍රමුඛ පෙළේය. ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් සිටිති. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුය. ”

මහාචාර්ය හූල් – සාමාජික මැතිවරණ කොමිසම.

උසාවි සංකීර්ණයක සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු යුක්තිය ඉටු කළ යුතු ආකාරය පිළිබඳ දේශන පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය

” I dont know Sinhala. So I cant read all the carbage written in Sinhala. Some print / media supporting SLPP are in the front line in this. They are continuing to write raw lies . They are against democracy. You must not vote for them. ”

Professor Hoole – Member: Election Commission.

Here he is very clearly (but indirectly) saying don’t vote for SLPP – as the media which writes lies ( according to him) is NOT contesting but SLPP. So his argument is the since that SLPP supporting media is continue to lie, one should not vote for SLPP.

Clearly out of line for a member of the commission.

His job is to run an election effectively and fairly not to lecture on democracy or voters decision. If he liked such he should resign and teach PoliSci.

A civic contractor of a court complex must avoid lecturing how justice should be delivered

நீதிமன்ற வளாகத்தின் குடிமை கட்டுமான மேற்பார்வையாளர் எவ்வாறு நீதி வழங்கப்பட வேண்டும் என்பதை விரிவுரை செய்வதைத் தவிர்க்க வேண்டும்

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස