පොහොට්ටුවට ඡන්දේ දෙන්න එපා! ස්වාධීන මැතිවරණ කොමිසමේ හූල් උතුරේ ජනතාවගෙන් ඉල්ලයි…

June 6, 2020 at 8:34 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් උතුරේ ජනතාවගෙන් ඉල්ලා තිබේ.

Dan TV නම් උතුරු පළාතේ ක්‍රියාත්මක වන රූපවාහිනී නාළිකාවක් ඔස්සේ විකාශනය වූ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට එරෙහිව අසත්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවත් එහෙයින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙසත් ඔහු එහිදී ඉල්ලා තිබේ.

තමන්ට සිංහල භාෂාවෙන් කියවිය නොහැකි බවත් එහෙයින් පසුගිය සමයේ සිංහල භාෂාවෙන් පළ වූ දෑ පිළිබඳ නොදන්නා බවත් හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ. කෙසේ වුවද පොදුජන පෙරමුණ සමග සිටින මාධ්‍ය බොරු ප්‍රචාරය කරමින් සිටින බව මහාචාර්ය හූල් සඳහන් කර තිබේ.

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගේ අතිශය පක්ෂග්‍රාහී ක්‍රියාපිළිවෙත පසුගිය සමයේ ද දැඩි ආන්දෝලනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස