ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ! සියලු නිල ලේඛන නිත්‍යානුකූලයි! – මැකො අලි රෑන අනාථ කරයි….

November 12, 2019 at 6:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ දිවුරුම් ප්‍රකාශ ඇතුලු සියලු ලිිපි ලේඛන සත්‍ය සහ පිළිගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තහවුරු කර තිබේ.

අද (12) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන නීති උපදේශක වන ජනාධිපති නීතිඥ අලී සබ්රි අතර සිදුවූ පටිගත කළ දුරකතන සංවාදයකදී මහින්ද දේශප්‍රිය මෙම කරුණ තහවුරු කර තිබේ.

මෙහිදී ජනාධිපති නිතීඥ අලි සබ්රි සිය සේවාදායක ගෝඨාභය රාජපක්ෂ සමග 2019 අගෝස්තු 26 වන දින එනම් ජනාධිපති අපේක්ෂකයකු සිය ලේඛන තහවුරු කළ යුතු දිනටත් පෙර පැමිණ අදාළ සියලු ලේඛන මහින්ද දේශප්‍රිය සහ මහාචාර්ය රත්නජීවන් හූල්ට වෙත ඉදිරිපත් කර ඒවයේ නිවැරිදිභාවය තහවුරු කරගත් බව සිහිපත් කළේය.

එහිදී මහින්ද දේශප්‍රිය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට අදාළ දිවුරුම් ප්‍රකාශය ඇතුළු සත්‍ය සහ නිල ලිපි ලේඛන තමා සතුව ඇති බවත් එම ලේඛන තමා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කරන බවත්ය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රුවන් විජේවර්ධනගේ පවුලට සම්බන්ධ Daily Mirror පුවත්පත අවධාරණය කරන්නේ ඇමරිකානු පුරවැසිභවය අහෝසි වූ අයගේ නම් ෆෙඩරල් ලේඛනයට එකතු වීමට මාස ගණනක් ගත විය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස