ජනපති ජිනීවා කමිටුවේ මහින්ද ඉවතට! රාඝවන් TNA ලිපියත් අරන් ජිනීවා සැසියට!

March 13, 2019 at 12:33 pm | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසි වාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නම් කළ කණ්ඩායමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ ඉවත් වී තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සිය නියෝජිතයින් 03 දෙනෙකු යැවීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ පසුගිය මහ මැතිවරණයට තරග කොට පරාජය වූ අතර පසුව ජාතික ලැයිස්තුවෙන් ජනාධිපති විසින් පාර්ලිමේන්තුවට ගත් අයෙකි. මෛත්‍රීපාල සිරිසේනට සහාය දීම නිසා මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් තමා පරාජය කළ බව ඔහු චෝදනා කළේය.

මේ අතර ජනාධිපතිගේ ජිනීවා කමිටුවේ තවත් අයකු වන උතුරු පළාත් ආණ්ඩුකාර සුරේශ් රාඝවන් දෙමළ සන්ධාන සන්දේශයක් ද රැගෙන ජිනීවා යන බව වාර්තා විය. මෙම කමිටුව නියෝජනය කරන අනෙක් පුද්ගලයා ආචාර්ය සරත් අමුණුගමය.

මේ අතර තිලක් මාරපනගේ නායකත්වයෙන් ජනාධිපතිවරයා නැවතත් ජිනීවා යාමට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළත්ය. එම කමිටුව නියෝජනය කරන්නේ ආණ්ඩුව ද ජනාධිපතිවරයා ද යන්න සඳහන් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *