නීතිපති හමුදාපති හෝ පොලිස්පති මං පිළිගන්නේ නෑ! – රත්නජීවන් හූල්

May 13, 2020 at 5:38 pm | by emanisa.lk

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් දිගින් දිගටම කොමිසම හෑල්ලුවට ලක්වන ලෙස කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

රත්නජීවන් හූල් දෙමළ සන්ධානය සමග එක්ව යාපනේදී වෙනම මැතිවරණ නීතියක් ක්‍රියාත්මක කරන බවට ද ඔහු චෝදනා කරයි.

මෙරට නීතිපති, පොලිස්පති, හමුදාපති, පිළිනොගන්නා බව රත්නජීවන් හූල් ප්‍රකාශ කර ඇති බවත් මේ ආකාරය සලකන විට ඔහු මෙරට පුරවැසියෙක්දැයි ගැටලුවක් ඇති වන බවත් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස