මධ්‍යම කඳුකරයට තද වැසි! ලක්ෂපාන විමලසුරේන්ද්‍ර වාන් දොරටු අරී! ගං වතුර අවදානමක්!

May 16, 2020 at 2:11 pm | by emanisa.lk

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඇද හැලුණු අධික වර්ෂාවත් සම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින අතර නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (16) දින අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘතකර ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයට ඉහලින් තේ වත්තේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් තේ ගස් සමග නාය ගොස් ප්‍රධාන මාර්ගයේ තේ පදුරු සහ පස් රැදි ඇත.

මේ අතර හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි පලයකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටිමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත.

අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුළං තත්ත්වය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස