හූල්ගේ පෞද්ගලික වැඩ නිසා කොමිසම ස්වාධීන නෑ කියන්න බෑ! ආණ්ඩුවට ඕන කොමිසමේ නම කැත කරන්න!- ජවිපෙ

June 6, 2020 at 11:47 pm | by emanisa.lk

ආචාර්ය රත්නජීවන් හූල් හෝ මහින්ද දේශප්‍රියගේ අඩුපාඩු අල්ලා ගෙන සම්පූර්ණ මැතිවරණ කොමිසම ස්වාධීන නැතැයි පැවසීම වැරදි බව ජවිපෙ පවසයි.

මැතිවරණ කොමිසමේ ස්වාධීන ක්‍රීයාකාරීත්වය ආණ්ඩුවේ ගල් රෝලින් චප්ප කිරීමට යන උත්සාහය තමන් පිළිනොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වඩා ස්වාධීන ලෙස කටයුතු කරමින් එය භාවිතාවෙන් ඔප්පු කරනවා නම් රටේ ප්‍රජාතන්‍ත්‍රවාදයට හිතකර බව ද හෙතෙම සඳහන් කළේය.

ආචාර්ය හූල් පෞද්ගලිකව කරන සියලු කටයුතු තමන්ට අගය කළ නොහැකි බව ද බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස