ජනතාවට ඡන්දය දිය යුතු අය නම් කරන්න මැ.කො. අයිතියක් නෑ! හූල් නිසා මැ.කො. තවත් අප්‍රසාදයට පත්වෙනවා! – නිර්මාල් දේවසිරි

June 7, 2020 at 11:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු ෆේස්බුක් සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.

“මගේ අදහස නම් ජීවන් හූල්ගේ ප්‍රකාශ අතිශයින් ගැටලුසහගත බවයි. ඔහුගේ ප්‍රකාශ නිසා දැනටමත් එතරම් ජනප්‍රසාදයක් නොමැති මැතිවරණ කොමිසම තව දුරටත් ජනයා අතර අප්‍රසාදයට පත්වීම වැලැක්විය නොහැක.

මැතිවරණ කොමිසමේ කාර්යය නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීම විනා ඡන්දය දිය යුත්තේ කාටද යන්න ගැන මහජනයාට උපදෙස් දීම නොවේ.”

https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fnirmal.dewasiri.3%2Fposts%2F3325002714185866&width=500″ width=”500″ height=”229″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowTransparency=”true” allow=”encrypted-media

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස