නිරෝධායනට යොමු කළ දුවත් සමග හූල් මැතිවරණ කොමිසමට එයි! දෙදෙනාම පිටකර කොමිසම විෂබිජහරණය⁣ට ලක් කරයි!

May 20, 2020 at 8:27 am | by emanisa.lk

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19දා* සහ පෙරේදා (18දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබේ.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (19දා* විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් තිබේ.

දින 14 නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින් මහාචාර්ය හූල් මහතා සිය දියණිය මැතිවරණ කොමිසමට රැගෙන එ්මෙන් තමන් මෙන්ම දිනපතා මැතිවරණ කොමිසමට පැමිණෙන දේශපාලඥයින් සහ විවිධ නිලධාරීන් ද අවදානමට ලක්කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධව රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය මැතිවරණ කාර්යාලයේ සේවකයින්ගේ විරෝධය හමුවේ ඊයේ දහවල් මැතිවරණ කොමිසමෙන් පිටව ගිය බවත් ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ‍්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කළ බවත්ය.

එසේම අද(20දා* පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැුස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස