ශ්‍රීලංකන් ප්ලයිට් එකේ සාඩින් වගේ පැක්කරලා දුම්ගහලා ගෙනාවේ! පැය 6ක් විතර අතරමග රස්තියාදු වුණා! – රත්නජීවන් හූල්ගේ දුව එලිලිනි

May 5, 2020 at 11:55 pm | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා ලංකාවට පැමිණීම සඳහා අවස්ථාව ඉල්ලා සිටි පිරිස අතරින් ලංකාවට ඊයේ (4) එංගලන්තයේ සිට රැගෙන ආ කණ්ඩායමේ සිටි ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගේ දියණිය එලිලිනි හූල් තැබූ ඉන්ස්ට්‍රග්‍රෑම් සටහනක් සමාජ මාධ්‍යවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ.

එහි සඳහන් වන්නේ එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය සාඩින් මෙන් පැක් වී පැවති බවත් එහි දුමක් ද නිකුත් වූ බවත්ය. එසේම නිරෝධායන මධ්‍යස්ථානවල Y5 පහසුකම් දුර්වල බවට ද ඇය චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය මහත් කැපකිරීම් මැද සිදුකළ මෙම මෙහෙයුම මෙලෙස අවතක්සේරුවට ලක්කිරීම බොහෝ දෙනාගේ උදහසට ලක්ව තිබේ. සිය ජීවිත කැපකර එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ ඔවුන්ට රෝගය බෝ වී ඇත්දැයි දැන ගැනීම පිණිසය.

ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස ක්‍රියා කරන ඇගේ පියා වන රත්නජීවන් හූල් ද ශ්‍රී ලංකාවට ආරක්ෂ අංශවලට එරෙහිව එළිපිට කටයුතු කරන්නෙකු වන අතර මේ රටේ ලබා දෙන පහසුකම් යටතේ ජීවත් වීමට අකමැති නම් එලිලිනි ලංකාවට පැමිණියේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස