ලංකා හමුදාව ලංකාවේ නැතිව ඉන්දියාවේ ඉන්නද? – උතුරු පළාත් ආණඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

January 27, 2019 at 11:42 am | by admin

දෙමළ ජාතික සන්ධානය හමුදාව උතුරු පළාතෙන් ඉවත් විය යුතු යැයි බල කරනවා නේදැයි සතිඅග අරුණ මාධ්‍යවේදියකු නැඟූ පැනයට පිළිතුරු ලෙස උතුරු පළාත් ආණඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මෙසේ පවසා තිබේ.

ලංකාවේ හමුදාව ඉන්න ඕනේ ලංකාවෙනේ. නැතුව එයාලා ඉන්දියාවේ ඉන්නයෑ. ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් හමුදාව ඉන්නවා. උතුර යුද්ධයක් පැවතුණ ප්‍රදේශයක්. ඒක විශේෂිතයි. ඒ නිසයි හමුදාව රැඳී සිටීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙන්නේ. හමුදාව දැන් පෞද්ගලික ඉඩම්වලින් ඉවත්වෙලා රජයේ ඉඩම්වල කඳවුරුවලට යමින් සිටිනවා. ඒක ක්‍රමානුකූලව සිදුවෙනවා. මොකද මේ බිමේදීම තමයි තමන්ගේ සෙබළු ජීවිත පරිත්‍යාග කළේ කියලා හමුදාව දන්නවා. ඒත් ඒ අය මේ වෙලාවේ මානුෂිකව මේ ජනතාව ගැන හිතලා යුද හමුදාපතිතුමා ඇතුළු උසස් නිලධාරින්ගේ මෙහෙයවීමෙන් මෙම කාර්යයට පූර්ණ සහාය ලබා දෙනවා. අපේ රටේ හමුදාව දේශපාලනීකරණය වෙලා නෑ. ඒ නිසා ඒ අය තමන්ගේ රාජකාරිය ඉටුකරමින් මේ ක්‍රියාදාමයට සහාය ලබා දෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස