නිරෝධායන නීති කැඩූ මැතිවරණ කොමිසමේ හූල්ට වැඩ වරදී! හූල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු කියති!

May 21, 2020 at 11:15 am | by emanisa.lk

දින 14ක් නිරෝධායනයට යටත් කර සිටින සිය දියණිය මැතිවරණ කොමිසම වෙත රැගෙන ඒම එහි සාමාජික රත්නජීවන් හූල් සිදුකළ නොහොබිනා ක්‍රියාවක් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

සාමාන්‍ය ගමේ ගොඩේ ජනතාව පවා නිරෝධායන නීති පිළිපදින පසුබිමක රත්නජීවන් හූල් මෙවැනි ක්‍රියාවක් කිරීම ආචාර ධර්මවලට පටහැනි බව හෙතෙම අවධාරණය කළේය.

එංගලන්තයේ සිට පැමිණි හූල්ගේ දියණිය කොරෝනා ආසාදිතයකු නොවන නිසා කොමිසම නිරෝධායනට ලක්කිරීමේ අවශ්‍යතාවක් නැති වුවද මෙම කිසිසේත් සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවක් නොවේ යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

සිය උවමනාව මත ලංකාවට පැමිණි හූල්ගේ දියණිය ශ්‍රී ලංකන් ගුවන්යානයේ ද නිරෝධායනයට ගිය හෝටලයේ ද අඩුපාඩු ඇතැයි සමාජමාධ්‍ය ඔස්සේ පැවසීම නිසා දැඩි දෝෂ දර්ශනයට ද ලක්විය.

නිරෝධායන ක්‍රමවේදය උල්ලංඝනය කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිරෝධායන පනත යටතේ කටයුතු කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමේ හූල් නිරෝධායන නීති උල්ලංඝනය කළ බව දැනගන්නට ඇති බවත් ඊට එරෙහිව කටයුුතු නොකළහොත් එම නීති හෑල්ලුවට ලක්විය හැකි බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස