උතුරු පළාත් ආණ්ඩුකරු බොරුකාරයෙක්! නැත්නම් මාධ්‍ය වැරදියට වාර්තා කරලා! සත්‍ය සාධාරණ මම කළකිරුණා! – මානව හිමිකම් කොමසාරිස්…

March 28, 2019 at 1:26 pm | by admin

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කරන ලද ප්‍රකාශ කිසිවක් සත්‍ය නැතැයි ද එසේ නොමැති නම් මාධ්‍ය ආණ්ඩුකාරවරයාගේ අදහස් නිවැරදිව වටහා ගෙන නැතැයි ද ඇය සිය නිවේදනයේ සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ ඇය කරන ලද ප්‍රකාශවල අඩුපාඩු සහ වැරැදි රැසක් තිබූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කොළඹ දී ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව උඩු යටිකුරු කිරීම නිසා තමන් දැඩි ලෙස කලකිරී සිටින බව ද ඇය සඳහන් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ලද වාර්තාව සහ තමන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද වාචික ප්‍රකාශය සත්‍ය බවත් වාර්තාව සහ ප්‍රකාශය සත්‍ය සහ සාධාරණ බවත් ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස