ශ්‍රී ලංකාවට තම ගැටලු විසඳා ගැනීමට ඉඩ ඉල්ලා ජනපති නියෝජිතයන් ජිනීවා වෙත!

March 6, 2019 at 1:26 pm | by admin

ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා තමා නියෝජනය. කරමින් නියෝජිතයින් තිදෙනෙකු යොමු කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් තමන් නියෝජනය කරමින් එම සැසිවාරයට සහභාගී වීමට නියමිත බවය.

එහිදී රට තුළ පවතින ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන ලෙස එම නියෝජිතයින් හරහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් තමන් ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි. මේ සඳහා සහභාගී වන උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ප්‍රබල ෆෙඩරල්වාදියකු ලෙස ප්‍රකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස