ජනපති ස්ථාවරය පිළිගන්න එපා! එජාප ස්ථාවරය පිළිගන්න! – දෙමළ සන්ධානයෙන් ජිනීවා වෙත ලිපියක්

March 10, 2019 at 3:43 pm | by admin

ජිනීවා මානව හිමිකම් සමුළුවට ජනපතිවරයාගේ නියමය පරිදි සහභාගී වන විශේෂ නියෝජිතයන්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය නොවන බැවින් ඔවුන්ගේ යෝජනා පිළි නොගන්නා ලෙස ඉල්ලා දෙමළ සන්ධානය ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යැවීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජිනීවාහි සිටින නිත්‍ය නියෝජිතයාගේද සහභාගීත්වයෙන් ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධව මෙවර විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව ඊට ද සම අනුග්‍රාහකත්වය දැක්වා තිබේ. එමගින් ජිනීවා කොමිසමට කලින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට තවත් කාලයක් ලබාගැනීමට අපේක්ෂිතය.

එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නැති අතර එබැවින් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස රජයේ මතය එහිදී ඉදිරිපත් කිරීමට ආචාර්ය සරත් අමුණුගම මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුද උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද ජිනීවා වෙත පිටත්කළේ ජනාධිපතිවරයාගේ විශේෂ නියමය අනුවය.

එම පිරිස ලබන 22-23 දෙදින පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති. එහිදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ලෙස ජනාධිපතිවරයාගේ මතය සමුළුවට ඉදිරිපත් කෙරේ. ජාත්‍යන්තර ප්‍රජාව අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් නොවන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස