රනිල්ගෙන් සජිත්ට අපේක්ෂකත්වය! සජිත්ට ආර්යාවගෙන් කිස් එකක්! (vedio)

September 26, 2019 at 4:41 pm | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට අද (26) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඇමති සජිත්ගේ නම යෝජනා කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

මේ අවස්ථාවට මෙතෙක් සජිත්ට එරෙහිව කටයුතු කළ ඇමති රවි කරුණානායක ඇතුළු පිරිස ද සහභාගී වුවද කිසිවකු ඊට එරෙහි වූයේ නැත.

ඇමති හර්ෂ ද සිල්වා, සාගල රත්නායක, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, කබීර් හෂීම් සහ රුවන් විජේවර්ධන ආදීන් සිය සමාජමාධ්‍ය පිටුවල එජාප ජනාධිපති අපේක්ෂකයාට සුබ පතා තිබේ.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය හිමි වීමෙන් පසු මැති ඇමතිවරුන් ඔහුට සුබ පැතූ අතර ඇමති සජිත්ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඔහු සිප ගෙන සුබ පතන ආකාරය දැක්වෙන වීඩියෝවක් සජිත් ප්‍රේමදාස හර්ෂ ද සිල්වා ආදීන් සිය ට්විටර් ගිණුම්වල පළ කර තිබේ.ෙ

මේ ආකාරයටම ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර ද සිය බිරිඳ විවිධ අවස්ථාවල ප්‍රසිද්ධියේ සිපගැනීම පසුගිය සමයේ කතාබහට ලක්විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස