බදියුදීන්ලා නැගෙනහිර ඉඩම් අක්කර 3000ක් කොල්ලකාලා! පුත්තලම ලුනු ලේවායත් ඒ අතර! අක්කර 327ක් රජයට පවරා ගනී! පරීක්ෂණ දිගටම!

February 6, 2020 at 2:13 pm | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන්ගේ මැදිහත්වීමෙන් අත්පත්කරගෙන ඇතැයි කියනු ලබන මන්නාරමේ සහ පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 3000 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් කෙරෙන විමර්ශන ආරම්භ කර තිබේ.

ඊට අදාළව බදුයුර්දීන්ට සම්බන්ධකම් ඇතැයි කියනු ලබන පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 327 ක් රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කෙළේය.

එසේ නැවත රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇත්තේ බදු පදනමින් බදියුර්දීන්ට සම්බන්ධකම් ඇති ඇති පුද්ගලයින්ගේ නම්වලින් ලබාගත් රජයට අයත් අක්කර 110 ක සහ අක්කර 217 ක ඉඩම් දෙකකි. එම ඉඩම්වලට ගෙවිය යුතු බදු මුදල්ද ගෙවා නැති බව පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කෙළේය.

පුත්තලමේ පිහිටි ලුණු ලේවායක්ද එසේ බදුයුදීන්ට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බදු පදනමින් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

බදුයුදීන්ට සම්බන්ධකම් ඇති මන්නාරමේ පිහිටි ඉඩම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ගැනද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් හෙළි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස