බැසිල් නැගෙනහිර මුස්ලිම් පල්ලි හැදුවා ද?

May 19, 2019 at 9:50 am | by admin

ජවිපය දැන් කලක සිට ගෙනෙන මෙම චෝදනාවට විධිමත් පිළිතුරක් දිය යුතු ය. ඔවුන් මෙසේ කරන්නේ තම ජාතික ලැයිස්තු සාමාජික මෙන්ම මූල්‍ය අනුග්‍රාහක මොහොමඩ් ඊබ්‍රහිමි විසි්න පසුගිය දින පාස්කු ප්‍රහාරය එල්ල කිරීම හෙළි වීමත් සමගම ය.

ත්‍රස්තවාදය වැපුරුවා මදිවාට මෙම පුද්ගලයා විසින් ලංකාවේ ගම්මරිස් වගාව විනාශ කරන තුරු ජවිපය බලා සිටියේ ඊට එරෙහිව කිසිවක් නොකර බව අද රටම දනී. ඔවුන්ගේ බොරුව හා දේශපාලන කුහකකම කොතරම් ද යත් බිඳවැටුණු ගම්මිරිස් වගාව ගැන රත්නපුර ගොවියා උද්ඝෝෂණය කරන විට ජවිපය ද ඔවුන් සමග අදාළ උද්ඝෝෂණවල පෙරමුණ ගැනීම ය. පක්ෂයකට මෙතරම් ව්‍යාජ ලෙස හැසිරිය හැකි ද?

අපි දැන් පල්ලි කතාව දෙසට හැරෙමු. නැගෙනහිර පළාත යනු එවක කොටි ත්‍රස්තවාදය නිසා අතිශය විනාශයට පත් වූ ප්‍රදේශයකි. මෙම 2007 වසරේ මෙම ප්‍රදේශය මුදාගත් පසු වහාම එහි නැවත පදිංචි කිරීම ආරම්භ විය.

එසේ නැගෙනහිර පළාතේ නැවත පදිංචි කරන විට එල්ටිටි ප්‍රහාර නිසා විනාශයට පත් වූ මුස්ලිම් පල්ලි හා ක්‍රිස්තියානි පල්ලි හා පන්සල් ද විශාල ප්‍රමාණයක් හඳුනාගත හැකි විය. එම ස්ථාන නැගෙනහිර උදානය වැඩපිළිවෙල හරහා ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වන්නේ මේ අනුවයි. ඒ නැවත පදිංචි වන ජනතාවගේ ආගමික අවශ්‍යතා වෙනුවෙනි.

මහින්ද ආණ්ඩුවට, විශේෂයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම චෝදනාව ගෙන එන්නේ ඉහත කරුණු නොදැන නොවිය යුතු ය. ජවිපය මෙහි දී කරන්නේ අමුජාතිවාදය වැපිරීමයි.

මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය ඔවුන්ට වැරදි වන්නේ කෙසේ දැයි නොදනිමි. දැන් මහා සංහිඳියාවක් ගැන කතාකරන ඔවුන් අනෙත් පසින් මෙසේ ජාතිවාදය වපුර දෙයෙහි නිරත වීම ගැන ජවිප නායකයින් කියන්නේ කුමක් ද? ජවිපයේ මේ ජාතිවාදය වැපිරීම අප හෙළා දැකිය යුතු නැති ද?

දෙවැනි කරුණ නම් ඔය කියන ශරියා විශ්වවිද්‍යාලයයි. මෙය ආරම්භ කළේ 2013 දී ය. එහෙත් පැහැදිළිවම කිවයුත්තේ ගිවිසුම් අත්සන් කළේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානක් ඉදිකිරීම සඳහා ය. ඒ ලංකාව පුරා ඉදිකිරීමට නියමිත වූ එවැනි මධ්‍යස්ථාන 16ක තවත් එකක් ලෙස ය. මෙම වෘත්තීය ආයතනය නම් වෙනස් කොට වීශ්වවිද්‍යලයක් බවට පත් වන්නේ 2015 ජූනි මාසයේ බවට ලිඛිත සාක්ෂි ඇත. එනම් ඒ වත්මන් රජය යටතේ හිස්බුල්ලා ඇමතිවරයාගේ ඉල්ලීම මත ය. ජවිපය ද එවකට ආණ්ඩුවේ නොයෙක් කමිටු නිායෝජනය කරමින් ආණ්ඩුවට සම්බන්ධ වී සිටි බව නොරහසකි. ඔවුන්ට පවා මෙය එවක නොපෙනි දැන් එය අනුන්ගේ ඇඟේ ගැසිය නොහැකි ය.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස