චීනය මධ්‍යම අධිවේගය හදන්න සල්ලි දුන්නා නම් එය තැනීමේ කීර්තිය අපටයි! – කිරිඇල්ල

January 27, 2020 at 9:44 am | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මාර්ගය විවෘත කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවරදී ඊයේ (26) මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මාර්ගයේ ඉදිකිරීම්වලට පසුගිය සමයේ විවිධ පාර්ශ්වවලින් නොයෙකුත් බලපෑම් එල්ල වූ බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කඩවත-මීරිගම මාර්ගය සකස් කිරීමට චිනයට ලබා දෙන බවට ගිවිසුමක් අත්සන් කර තිබු බවත් පැවසු කිරිඇල්ල  යහපාලන ආණ්ඩුව පැමිණි පසු එය ලබා දුන් බවත් පැවසීය.

අදට එම ගිවිසුම අත්සන් කර වසර 4 ක් ගත වී ඇතැත් තවමත් සතයක් හෝ හිමිවී නොමැති බවත් පැවසු කිරිඇල්ල හිතාමතා එය පරක්කු කර ඇති බවත් එම මාර්ගය සකස් කළේ නම් එහි ගෞරවය යහපාලන ආණ්ඩුවට හිමි වීමට ඉඩ තිබු බවත් කියා සිටියේය.

පොතුහැර-ගලගෙදර කොටස ජපන් ආණ්ඩුවට ලබා දුන් බවත් කියා සිටි කිරිඇල්ල, එයට තමන්ගේ ආණ්ඩුවේම අය අකුල් හෙළූ බවත් පැවසීය.

2014 වසරේ දී මහින්ද රාජපක්ෂ විසින් මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම මාර්ගයට මුල් ගල් තැබූ බවත් පැවසු කිරිඇල්ල, “ඕනෑම දෙයක් පටන් ගැනීම තමයි අමාරු“ යනුවෙන් ද කියා සිටියේය.

ආරම්භ කළ පසු එය කුමන ආණ්ඩුවක් පැවතියත් ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස