ඇමතිලාට සැප වාහන ගෙන ඒම නවතා දමයි! ජනතාවට සැප බස් 2000ක් යුරෝපයෙන් ගෙනෙයි!

January 4, 2020 at 2:42 pm | by emanisa.lk

මෙරට පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා නවීන මගී බස් රථ දෙදහසක් ආනයනය කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා මෙලෙස පියවර ගෙන ඇති අතර ඒ සඳහා රු. මිලියන 1750 ක මුදලක් වෙන් කර තිබේ.

යුරෝපය, මැලේසියාව, ජපානය ඇතුළු රටවල මගී ප්‍රවාහනය යොදා ගන්නා සැප පහසු පහත් පතුල් සහිත බස්රථ මෙලෙස ගෙන එයි.

මෙරට දැනට භාවිත කරන ඉන්දීය බස්රථවල මගී පහසුව හෝ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු නොකෙරන අතර ඒ සඳහා භාවිත කරන්නේ ලොරි චැසි බව ප්‍රසිද්ධ කාරණයකි.

මෙම සැපපහසු බස් දැනට අධිවේගී මාර්ගවල සහ ඇතැම් ප්‍රදේශවල භාවිත කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *