අධිවේගී ගාස්තුව රු. 100කින් ඉහළ දමයි! චීනයට තවත් සල්ලි පටවයි!

April 1, 2019 at 8:10 pm | by admin

2019 අයවැය යෝජනා මගින් කාර්යබහුල වේලාවල අධිවේගී මාර්ග ගාස්තුව රු. 100කින් ඉහළ නැංවූ අතර එය අප්‍රේල් 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට ද යෝජනා විය.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 100 අවම ගාස්තුව රු. 200 දක්වා ඉහළ යනු ඇති අතර උපරිම ගාස්තුව රු. 2600 දක්වා ඉහළ යනු ඇත.

වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගවලින් අය කරන ගාස්තු චීනයට යන බවය. ඒ අනුව මෙම මුදල් වැඩි කිරීම නිසා එකතු වන මුදල ද යන්නේ චීනයටය. එහෙත් එය අසත්‍යයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස