වෝල් ආර්ට් කලාව විවේචනය කරන්නේ කුහකයෝ! ඊට විරුද්ධ වීම සීගිරි කශ්‍යපට පහර දීමක්! – බුද්ධික පතිරණ

December 10, 2019 at 12:11 pm | by emanisa.lk

වර්තමානයේ එළිදකින වෝල් ආර්ට් කලාව ඩිජිටල්කරණයේ සාධනීය ලක්ෂණයක් ඉස්මතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීම අපගේ යුතුකමක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාතර සමාධි පදනමේ 23 වැනි කණ්ඩායම සඳහා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

“සමහරුන් එක එක කෝණවලින් මේ දෙස බලනවා. සමහරුන් මේ ආණ්ඩු වෙනසත් එක්ක එකතු කර ගෙන එයට පහර ගහන්නට පටන් ගෙන තිබෙනවා. එය ඉතා කුහකයි. එයට පහර ගැසිය යුතු නැහැ වෝල් ආර්ට් කලාව අපේ රටේ පටන් ගත්තේ සීගිරි කාශ්‍යප කාලයේ. එහෙමනම් අප මේ ගහන්නේ සීගිරි කාශ්‍යපටයි. මේ එතනින් පටන් ගත්ත කලාවක්.

මීට මාස හතරකට කලින් ගාල්ල අධිවේගී ප්‍රවේශයේ පාලම යට මේ චිත්‍ර අඳිනවා මම දැක්කා. සමාජජාල වෙබ් අඩවි හරහා මේ වගේ සාධනීය දේවල් අපට එකතු කරනවා. නිර්මාණශීලී දේවල් ඉන් එකතු වෙනවා. ඒවා විවේචනය කරන්නේ කුහක මිනිසුන්. එසේ සමාජයට එකතු වෙන දේ අප ගත යුතුයි. කලා හැකියාවන් ඇති තරුණයන්ට ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මා ඒවාට උදව් ලබා දී තිබුණත් ඒවාට ප්‍රචාරයක් ගන්න උත්සාහ කළේ නැහැ. ‍එසේ කළේ නම් ඉන් වැඩක් නැහැ. තාරුණ්‍යයේ විභව ශක්තීන් එළියට ගත යුතුයි.එය රටේ වෙනසක් වෙනුවෙන් පාව්ච්චි කරන්න ඉඩ නොදුනහොත් එය කෙළවර වන්නේ ඛේදවාචකයකිනුයි. උතුරේත් , දකුණේත් අප ඉන් බැට කෑවා. කලාවක් එක්ක ඉන්න අයගේ හැකියාවන් උද්දීපනය කිරීමට අප ඉඩ දිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස