මං ජනපති⁣ වෙලා ⁣පැය 72න් පොලිස් නිලධාරීන්ට ආහාර දීමනා සහ බටා දෙනවා! – සජිත්

November 4, 2019 at 6:17 pm | by emanisa.lk

උස් පහත් භේදයකින් තොරව සියලුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වි පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

කලවානේදි ඊයේ (03) පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව  ප්‍රකාශ කළේය.

“රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන අප සැමගේ සිහිනය වන්නේ ආපදාවන් හා පරිසර හානි සිදු නොවන ආකාරයට රුවන් පුර අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමයි. 16 දායින් පසුව වැඩක් කරන, වැඩක් කරපු හා දැවැන්ත වැඩක් කරන්න සිටින පුද්ගලයෙකු ලෙස රුවන්පුර අධිවේගී මාර්ග සිහිනය සැබෑ කරනවා.

වී වගාව හෝ වේවා තේ පොල් රබර් වගාව වේවා එළවළු පළතුරු ගොඩභෝග වගාව ශක්තිමත් කරන්නට නිෂ්පාදන වියදම පහත හෙළන්නට අපි සියලු  පොහොර නොමිලේ ලබා දෙනවා. ඊට අමතරව තේ සඳහා හොඳ සහතික මිලක් ලබා දෙනවා. ගම්මිරිස්වලට හොඳ මිලක් දෙනවාසේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.

පොලිස් නිලධාරින් ගැන වචනයක් කිව යුතුයි. කනගාටුවෙන් වුවත් කිව යුතුයි ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියලා එය නතර කරලා තියෙන්නේ. අපි පොලිස් නිලධාරින්ට කියනවා මා ජනාධිපති වි  පැය 72 ක් තුළ බටා එක පමණක් නොව ආහාර දිමනාවත් ලබා දෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. උස් පහත් භේදයකින් තොරව ඒ ආහාර දිමනාව ලබාදෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස