නොරෙච්චෝලේ වියදම වගේ දස ගුණයක් හම්බ කළා! දක්ෂිණ අධිවේගය රජයේ හොඳම ආදායම් මාර්ගයක්! – රජයේ විගණකාධිපති යහපාලන රජයේ කෙබර සුනුවිසුණු කරයි.. (video)

March 20, 2019 at 12:24 pm | by admin

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදි කළ නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි ව්‍යාපෘති අද රටට ඉතාම වාසිදායක ආයෝජන බවට පත්ව ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. නොරෙච්චෝලේ බලාගාරය සඳහා වියදම් කළ මුදල මෙන් දහ ගුණයක් පමණ මේ වන විට රටට උපයා දී ඇතැයි විගණකාධිපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද වර්තමාන ආණ්ඩුව පසුගිය පාලන සමයේ සිදු කළ කිසිදු ආයෝජනයක් ඵලදායි නැතැයි චෝදනා කරයි. නොරෙච්චෝලේ බලාගාරය නිසා මුහුදු වතුරේ උෂ්ණත්වය වැඩිවීම, අම්ල වැසි වැටී ශ්‍රී මහ බෝධිය මිය යාම, වායු දූෂණය, පිළිකා වැළඳීම ආදී චෝදනා වැලක් එල්ල විය. ඊයේ දිනයේ නොරෙච්චෝලේ බාලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටීමක් නිසා රට පුරා බොහෝ ස්ථානවල විදුලි සැපයුම ඇන හිටිණි. මේ නිසා රටේ බොහෝ නිෂ්පාදන කටයුතු අඩාල වූ අතර ජනතාවට මහත් අපහසුතාවලට මුහුණපෑමට සිදුවිය. ඒ රටේ විදුලි අවශ්‍යතාවෙන් 50%ක් පමණ නොරෙච්චෝලේ බලාගාරයේ නිෂ්පාදනය කරන හෙයිනි.

පසුගිය වසර හතර තුළ රටේ විදුලි අවශ්‍යතාව ඉහළ ගිය ද එය සපුරාලීම සඳහා කිසිදු විදුලි යෝජනා ක්‍රමයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුව අසමත් විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *