රත්නපුරේ ගම්වැසියෝ සිංහල අයිසිස්කාරයෙක් අල්ලා පොලිසියට භාරදෙති! මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ජරාව කන පොලිස් ලොක්කන් පිරිස පරීක්ෂණ යට ගසති.

May 20, 2019 at 5:47 pm | by admin

අධි බලැති කැමරාවක් සහ ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන රත්නපුර නගරය වීඩියෝ කරමින් සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු සහ සිංහල තරුණයකු ඊයේ (20) රාත්‍රී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ.

මෙම සිංහල සැකකරු ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණය සඳහා තරඟ කළ රත්නපුර උසාවියේ මිනින්දෝරුවකු ලෙස සේවය කරන නන්දසේන කළුපහන නම් පුද්ගලයාගේ පුතාය. මොහුගේ නිවසේ කුරාන දෙකක්, අංක නොමැති අධිවේගී යතුරු පැදියක්, යුද හමුදා හිස් වැස්මක්, යතුරු පැදි අංක තහඩු දෙකක් තිබී හමු වී ඇත.

මේ සිංහල පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුමේ අයිසිස් සහ තවුහිද් ත්‍රස්තවාදීන්ගේ වීඩියෝ සහ ඡායාරූප, ත්‍රස්ත ප්‍රහාරවලට අදාළ සිතියම්, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් අය සමග පැවති සබඳතාවලට අදාළ ඡායාරූප ආදිය දක්නට ලැබී ඇත.

කෙසේ වුවද මේ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා බාධා කරන බවත් එම පරීක්ෂණ යටපත් කරන බවත් ප්‍රදේශවාසී ජනතාව පවසති. එසේම මෙම සැකකරුවන් පොලිසිට අල්ලා දුන් පිරිසට ස්තූතිය පළ කිරීම වෙනුවට ඉහළ පොලිස් නිළධාරීන් බැන වැදී තිබේ. එසේම මීඨ පෙර අත්අඩංගුවට පත් සැකකරුවන් ද කිසිදු පරීක්ෂණයක් නොපවත්වා ඇප ලබා දෙන තැනට පොලිසිය කටයුතු කර ඇතැයි චෝදනා නැඟෙයි.

සැකකටයුතු ස්ථාන සහ ආයතන පිළිබඳ බුද්ධි අංශ දිගින් දිගටම අනතුරු ඇඟ වුවද මේ පොලිස් නිලධාරීන් නිසි ලෙස මෙහෙයුම් නොකරන බව ද මේ සියලු දෙනා මුස්ලිම් මුදලාලිලා විසින් නඩත්තු කරන පිරිසක් වීම එයට හේතුව බවද ජනතාව පෙන්වා දෙති. සැකකරුවන් සහ ස්ථාන පිළිබඳ ජනතාව ලබා දෙන තොරතුරු අදාළ සැකකරුවන් වෙත ලබා දෙන බවට ද පොලිස් මෙහෙයුම් ආරම්භ වීමට පෙර ඒ බව අදාළ නිවෙස් හිමියන්ට දන්වන බවට ද පොලිසියට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස