නෙළුම් කුලුන හැදුවේ ඇයි! නෙළුම් කුලුන සුදු අලියෙක්ද?

September 17, 2019 at 10:15 am | by emanisa.lk

නෙළුම් කුලුන මගින් නිකුත් කරන රූපවාහිනී, ගුවන් විදුලි සංඥා සහ දුරකතන සංඥා මගින් බස්නාහිර සහ වයඹ පළාත් දෙක කිසිදු බාධාවකින් තොරව ආවරණය කළ හැකිය.

එහෙයින් එම දෙපළාතේ රූපවාහිනී, ගුවන්විදුලි, ජංගම දුරකථන සහ 3G,4G,5G අන්තර්ජාල සන්නිවේදන කටයුතු සඳහා අවශ්‍ය අධිබල ඇන්ටනා මෙහි සවි කෙරේ.

මෙය කුලුනු දහස් ගණනකින් කළ යුතු දෙයක් වුණත් නෙළුම් කුලුන නිසා දැන් එය තනි කුලුනකින් කළ හැකි වෙනු ඇත.

මෙම සන්නිවේදන ඇන්ටනා සවි කිරීමෙන් පමණක් නෙළුම් කුලුනට ලැබෙන වාර්ෂික බදු ආදායම රු බිලියනය ඉක්මවයි. (කුලුනේ මුළු පිරිවැයත් රු බිලියන 18.7 ක් පමණි).

ඊට අමතරව නෙළුම් කුලුන ජාතික ආරක්ෂාවට අදාළ හමුදා සහ පොලිස් සන්නිවේදන කටයුතු සිදුකිරීමට යොදා ගනී.

නෙළුම් කුලුන නිසා බස්නාහිර සහ වයඹ පළාත්වලට අධිවේගී අන්තර්ජාල පහසුකම ලැබීමෙන් වක්‍රව රටට ඉපැයෙන ආදායම සුළුප‍ටු නොවේ.

එසේම එහි ඇති ආපනශාලා, උත්සව ශාලා 2, සුපිරි වෙළඳ සංකිරීණ මගින් ද විශාල බදු ආදයාමක් හිමි වේ. වසර 15 කට පසුව එහි ප්‍රාග්ධන පිරිවැයද ඉක්මවා ලාභ උපයනු ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට තිබුණේ 2015 මාර්තු මාසයේදී වුවද එජාපය බලයට පැමිණීම නිසා එය අවුරුදු 4.5 ක් අඩාල විය. මේ නිසා 2018 අගෝස්තු 30 වෙනිදා වන විට ඉපයිය හැකිව තිබූ රු. මිලියන 5475ක් රටට අහිමි වූ බව විගණකාධිපති වාර්තා හෙළි කරයි.

එසේ කල් දැමීමට හේතු වූයේ මෙය ඉන්දියාවේ ජාතික අරක්ෂාවට තර්ජනයක් බවට එජාපයෙන්ම කරන ලද මඩ අවලාදයක් ඉන්දියාවේ අවධානයට ලක් වීමත්, අසාර්ථක බව පෙන්වමින් රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීමේ උවමනාවත් නිසාය.

යම් හෙයකින් ඉදිරි ජනාධිපතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළහොත් මෙමගින් ඉහත කී කිසිදු මුදල් ඉපයීමක් නොකර අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා හම්බන්තොට වරාය විකුණුවා මෙන් නෙළුම් කුලුණ ද ඉන්දියාවට අවුරුදු 99 බද්දකට දීමට දැනටමත් සැලසුම් කර ඇත.

Mahinda info.com

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස