කොරෝනා රජයේ ආදායම බිලියන 120ට බස්සයි!

May 4, 2020 at 11:07 am | by emanisa.lk

පසුගිය සති 06 තුළ රජයේ ආදායම් රැස් කිරීම් රුපියල් බිලියන 120කට වඩා අඩු වී ඇතැයි මහා භාණ්ඩාගාරය අනාවරණය කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන ආශ්‍රිතව මෙම ආදායම් පහත වැටීම් සිදුව ඇතැයි පැවසේ.

ඉදිරියේදී රටේ තත්ත්වය කෙමෙන් යහපත්වීමත් සමග මින් ඇතැම් ආදායම් අයකර ගත හැකි නමුත් රේගුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අහිමි වූ ආදායම් අයකර නොහැකි තත්ත්වයක පවත්නා බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. මීට අමතරව තම ආයතනවල ආදායමින් සේවකයන්ට වැටුප් ගෙවන ඇතැම් රාජ්‍ය ආයතනවල ආදායම් අහිමිවීම හේතුවෙන් ඒවායේ සේවක වැටුප් වෙනුවෙන්ද රුපියල් බිලියන 08ක් ලබාදීමට මහා භාණ්ඩාගාරයට සිදුව ඇත.

එසේම ඉන්ධන පරිභෝජනය 40%කින් පහත වැටීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආදායම් පහත වැටී ඇති අතර කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් විදුලි පරිභෝජනය පහත වැටීම නිසා රුපියල් මිලියන 450ක්වූ විදුලි බල මණ්ඩලයේ දෛනික එකතුව රුපියල් මිලියන 150 දක්වා පහත වැටී ඇතැයි මහා භාණ්ඩාගාරය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස