ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාන්විතය අතිවිශිෂ්ටයි! ඔවුන් ලෝකයටම ආදර්ශයක් දෙමින් ඉන්නේ! – ලෝකප්‍රකට වෙබ් අඩවියක් කියයි…

March 30, 2020 at 10:33 am | by emanisa.lk

දෙවන පෙළ ආර්ථිකයක් පවතිද්දී වුවද කොවිඩ් 19 ගෝලීය වසංගතය මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහ ආකර්ෂණීය ලෙස ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් සපයනු ඇතැයි අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ‘හෙල්ත් රිවිව් ග්ලෝබල්’ වෙබ් අඩවිය නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.

‘කොවිඩ්-19 වෛරසයට බොහෝ රටවල් දක්වන ප්‍රතිචාර අපි අධ්‍යයනය කර තිබෙනවා. දෙවන මට්ටමේ ලෝක ආර්ථිකයක් වුවද ගෝලීය වසංගතයට ඉක්මන් හා ආකර්ෂණීය ප්‍රතිචාර දක්වන ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීමට අපි තීරණය කළෙමු.’

එසේ පවසන වෙබ් අඩවිය සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව සිදුකර ඇති ආයෝජනයේ වැදගත්කම ‘අප විසින් ඉගෙනගත් බව’ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම වෙබ් අඩවිය පළකර ඇති වාර්තාවේ මෙසේද සඳහන් කර ඇත.

‘ඉන්දියානු සාගරයේ මුතුඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ගමනාන්තයකි. ලෝන්ලි ප්ලැනට් (Lonly Planet) වෙබ් අඩවිය විසින් ලෝක ආකර්ෂණීයම ගමනාන්ත වර්ගීකරණ ශ්‍රේණිගත කිරීමේ අංක 1 ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇති මහජන සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳව අප ගැඹුරු විශ්ලේෂණයක් සිදුකළා. නිසිලෙස සංවිධානය කරන ලද සත්කාරක වැඩසටහනක් ඔස්සේ විස්මයජනක ප්‍රතිඵල අත්පත්කර ගැනීම අප නිරීක්ෂණය කරමින් සිටිමු.

එලෙස පවසන අදාළ වාර්තාව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හොඳින් නියාමනය කරන ලද වෛද්‍ය පීඨ 9ක් හරහා , දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව විසින් සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ වෛද්‍ය බළකායක් පුහුණු කර ඇතැයිද පවසා ඇත.

– aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස