කොරෝනා උවදුර මැද සසුන රකින වගකීම අතනාරී! දුෂ්කර පන්සලවලට සතිපතා රු. 3000ක ආහාර සලාකයක්!

April 8, 2020 at 7:38 am | by emanisa.lk

රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය නිසා, දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත, සතිපතා රුපියල් 3000ක් වටිනා වියළි සළාක ලබා දිමට අද(6) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

මේ සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබනනේ සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල මගිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 19 තුඵ පිහිටි එවැනි විහාරස්ථාන සහ දස සිල් ආරාම සීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, එවැනි දුෂ්කරතා සහිත විහාරස්ථාන අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස