Corona#ලංකාවේ දුගීභාවය 44%කින් ඉහළට! ආර්ථිකය 4%කින් වැටෙයි! – ලෝක බැංකුව

April 22, 2020 at 3:18 pm | by emanisa.lk

කොරෝනා වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයක ලක්වීම නිසා මෙම වසර අවසන් වන විට මෙරට තුළ දුගීභාවය 43.9%කින් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ දී ආර්ථිකය 3%කින් පහළට ගමන් කරනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කරයි.

එම තත්ත්වය මත මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දැඩි අරගලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුවේ අදහසයි.

එමෙන්ම කොරෝනා පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට ගනු ලබන පියවර නිසා ද ආර්ථිකය වෙත ඍජු බලපෑමක් එල්ලවනු ඇති බව ද ලෝක බැංකුව කියා සිටියි.

තව දුරටත් සංචාරක සීමා දීර්ඝ කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස